-2.8 C
New York

බාස්ගේ කාලි පැණියට අනුමැතිය නෑ

Published:

කොරෝනා වයිරසය සුව කිරීම සඳහා සුදුසු බව කියිමින් රජයේ මැති ඇමැතිවරුන් විසින් ද පානය කළ පෙන්වූ කෑගල්ලේ බාස්ගේ පැණිය ජාතික පර්යේෂණ සභාව වෙත ඉදිරිපත් කර නැතැයි වාර්තා වෙයි.

මෙම පැණිය වතුපිටිවල රෝහලේ දී අතහදා බැලූ බවත් පසුව එය ආහාර අතිරේකයක් ලෙස භාවිතා කළ බවත් සඳහන් කරමින් දේශීව වෙදකම රාජ්‍ය අමාත්‍යවරයා පවා ප්‍රකාශ නිකුත් කෙළ්ය. එසේ වුව ද සෞඛ්‍ය ආමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිගින් දිකටම කියා සිටියේ ඒ සඳහා කිසිදු අනුමැතියක් නොදුන් බවයි.

මේ අතර කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා මෙරට දී සොයාගත් බව කියන නව ඖෂධ වර්ග තුනක් පරීක්ෂා කිරීම සඳහා ජාතික පර්යේෂණ සභාව වෙත භාර දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබිණි. ඒ අතර කෑගල්ලේ බාස්ගේ පැණිය ද ඇති බව ප්‍රකාශ කෙරිණි. මේ අතර පැණිය ශ්‍රී මහා බෝධියට පූජා කරන්නට ගිය බාස් අටමස්ථානාධිපති හිමියන්ට බැන තර්ජනය කිරීමේ දර්ශන ප්‍රචාරය වූ අතර මනෝ වෛද්‍යවරු පවා කියා සිටියේ මේ පුද්ගලයාට යම් මානසික රෝගයක් තිබීමට ඉඩ ඇති බවයි.

පසුගිය 18 වැනි දා ජාතික පර්යේෂණ සභාව වෙත දේශීය ඖෂද 02ක් පර්යේෂණ කටයුතු සඳහා භාර දී ඇතත් එම ඖෂධ අතර කාලි අම්මා ආරූඪයෙන් බෙහෙත් කියන ධම්මිකගේ පැණිය තිබී නැත.

ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහළ පවසන්නේ මෙම ආන්දෝලනාත්මක පැණිය සභාවට ඉදිරිපත් නොවූ බවයි.

Related articles

Recent articles

spot_img