ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනකු අද (21) හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් හමුවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 137 දක්වා ඉහළ ගොස් ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ම වාර්තාවන කොරෝනා ආසාදියන් සංඛ්‍යාව අද වනවිට 400ක් බවට පත්ව ඇති අතර ඉන් වැඩිම ආසාදියන් පිරිසක් වාර්තාවන්නේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කොට්ඨාසයෙනි. ඒ අනුව ගාල්ල නාගරික සෞඛය කොට්ඨාසයෙන් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව සමස්ථ දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදියන් සංඛයාවෙන් 34.25ක ප්‍රතිශතයකි.