spot_img
spot_imgspot_img

හුදකලා කර ඇති ප්‍රදේශ පිළිබඳ තොරතුරු

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය තවදුරටත් පැතිරයන ප්‍රදේශ කිහිපයක් අද (21) අළුයම 5.00 සිට හුදකලා කෙරුණු අතර, ඇතැම් ප්‍රදේශවල හුදකලා බව ඉවත් කිරීමටත් හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යාමටත් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබේ

මේ අනුව පෑළියගොඩ පොලිස් වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත ප්‍රදේශය සහ කිරිබත්ගොඩ විලේගොඩ උතුර ග්‍රාම නිලදාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත අලුතෙන් හුදකලා කර තිබේ

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලදාරී වසම සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර ප්‍රදේශ දෙක අද අළුයම 5.00 සිට හුදකලාබවින් ඉවත් කර ඇත.

වත්තල කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදූ සහ පෑළියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ මෙන්ම කිරිබත්ගොඩ විලේගොඩ උතුර ග්‍රාම නිලදාරී වසමට ද පනවා තිබූ හුදකලා බව අද ඉවත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ සහ මරදාන යන පොලිස් වසම් තවදුරටත් හුදකලාව පවතී.

කොම්පඤ්ඤවීදිය වෑකන්ද ග්‍රාම නිලධාරී වසමටත්, බොරැල්ල වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමටත්, වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, මට්ටක්කුලිය ෆර්ගසන් පාරේ දකුණු කොටස, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත, වැල්ලවත් පොලිස් වසමේ මයුර පෙදෙස සහ නසීර් වත්ත මෙන්ම මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත ප්‍රදේශය තවදුරටත් හුදකලා ලෙස පවත්වාගෙන යයි.

වත්තල පොලිස් වසමේ වැලිගඩමු්ල ග්‍රාම නිලධාරී වසමේ දූවේ වත්ත, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලදාරී වසමේ වැදිකන්ද ප්‍රදේශය තවදුරටත් හුදකලා කර ඇත.

මීගමුව තල්දූව ග්‍රාම නිලධාරී වසමේ එම්සී නිවාස යෝජනා ක්‍රමය, නිට්ටඹුව තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිද්‍රා මාවතට අතුළත් වන ප්‍රදේශය තවදුරටත් හුදකලාව පවතී.

වේයන්ගොඩ හිරිපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසමේ නිදහස් මාවත, පූගාඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම ද තවදුරටත් හුදකලා කර ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!