spot_img

පැණි ධම්මිකට, යළි කාලි වැහෙයි. ජනතාවට බැන වැදී යකා නටයි

පුවත්

විදෙස්

කෑගල්ලේ පැණි ධම්මික තමන් සෑදූ බව කියන ඖෂධය ඉල්ලා පැමිණි ජනතාවට බැන තර්ජනය කරමින් එළවා ගන්නා ආකාරය ඊයේ (20) දැකගත හැකිවිය.

කාලි අම්මා ආවේශවන බව පවසන මෙම පුද්ගලයා පිළිබඳ රජයේ අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇතැම් වෛද්‍ය නිලධාරීන් සහ මාධ්‍ය ආයතන වෙතින් පුළුල් ප්‍රචාරයක් ලබාදුන් අතර ඒ හේතුවෙන් එය විශ්වාස කරන විශාල පිරිසක් දෛනිකව ඔහුගේ පැණිය සොයා නිවස අසළට යති.

නමුත් ඔහුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කරන විශේෂඥ මනෝ වෛද්‍යවරු පවසන්නේ මේ පුද්ගලයා මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයකු බව ඉන් පැහැදිලි වන බවයි. ඔහු සායනික පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු ඒ බව නිවැරදිව කිව හැකි බව ද වෛද්‍යවරුන්ගේ මතයයි.

තමන්ට කාලි අම්මා ආරූඪ වන බව පවසමින් දේවාලයක් පවත්වාගෙන ආ වෘත්තියෙන් බාස් කෙනෙකු වන මේ පුද්ගලයා ඊයේ (20) තමන් හමුවට ආ අසල්වැසි ගම්වාසීන්ට හා වෙනත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් හමුවට තවත් පිරිසක් සමඟ ගොස් ඔවුන්ට තර්ජනය කරන ආකාරය මේ වීඩියෝවේ දැක්වේ.

වීඩියෝවේ සබැඳිය පහතින්

https://fb.watch/2vLDa5svh2/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles