spot_img
spot_imgspot_img

එංගලන්තයෙන් කොරෝනා වයිරසයේ තවත් ප්‍රබේදයක්

පුවත්

විදෙස්

කොරෝනා වයිරසයේ නව ප්‍රබේදයක් එක්සත් රාජධානිය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන බව හඳුනාගෙන ඇතැයි එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, එක්සත් රාජධානි බලධාරීන් සමග සමීපව සම්බන්ධ වෙමින්, නව වෛරස් ප්‍රභේදය පිළිබඳ පර්යේෂණ කරන බවය.

මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය මුලින්ම හඳුනා ගැණුනු කොරෝනා වෛරසයට වඩා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි පවසයි.

එහි ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිය ද, දැනට පවතින වෛරසයට වඩා නව වෛරස් ප්‍රභේදය මාරාන්තික යැයි නොසිතන බව ද ඔවුහු කියති. නව වෛරස් ප්‍රභේදය එන්නත්වලට වෙනස් ලෙස ප්‍රතික්‍රියා කරන බවට කිසිඳු සාක්ෂියක් මෙතෙක් වාර්තා නොවන බව ද සෞඛ්‍ය බලධාරීන්ගේ මතයයි.

ක්‍රිස් විටි වැඩිදුරටත් පවසන්නේ මෙම වයිරසය පැතිරයාම වැළැක්විය හැකිවන්නේ පුද්ගල සම්ප්‍රේෂණය හැකිතාක් දුරට පාලනය කිරීමෙන් පමණක් බවයි.

බ්‍රිතාන්‍යය තුළ පසුගිය මාසයක කාලයේ දී කොරෝනා වයිරසය ආසාදනය වූළුන් වාර්තාවීම හා රෝහල්ගත කිරීම විශාල ලෙස ඉහළ ගොස් තිබිණි.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ ජනතාව එක්සත් රාජධානියේ ප්‍රධාන නගර අතර සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. මේ අතර එංගලන්තයේ සංචරණ සීමා දැඩි කිරීමට ද රජය පියවර ගෙන ඇති අතර එංගලන්තයේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් නතර කිරීමට නෙදර්ලන්තය කටයුතු කර තිබේ.

නෙදර්ලන්තය තම වැසියන්ට ද වෙනත් රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී ඇති අතර එංගලන්තයේ සිට පැමිණෙන ගුවන් යානා තහනම ලබන ජනවාරි 01 දා දක්වා ක්‍රියාත්මක කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!