spot_img
spot_imgspot_img

ගාල්ලේ මියගිය ආසාදිතයාගේ ඥාතීන් අධිකරණයේ පිහිට පතයි ?

පුවත්

විදෙස්

ගාල්ලේ දෙද්දුගොඩ නිවසක සිදවූ මරණය ආදාහනය කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ ඥාතීන් හෙට (21) උදෑසන අධිකරණයේ පිහිට පැතීමට නියමිතය.

මෙලෙස මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වී කරන්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබා පසුගිය 16 වැනි දා යළි නිවසට පැමිණි මුස්ලිම් ජාතිකයෙකි. ඔහුගේ නිවසේ තවත් පිරිසකට ද කොරෝන ආසාදනය වී තිබීම හේතුවෙන් ඔවුන් ද රෝහල්ගත කර තිබිණි.

ඔහු ඊයේ (19) මියගිය අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකක‌යේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ එම පුද්ගලයා කොරෝනා ආසාදනය වූ බව තහවුරු වී ඇති බැවින් සහ කොරෝනා ආසාදිත පුද්ගලයන් පවුලේ සිටි බැවින් මේ සිරුර පීසීආර් පරීක්ෂණයක් නොපවත්වාම කොරෝනා සිරුරක් ලෙස සළකා භූමදාන කළ යුතු බවයි. නමුත් ඊට ඥාතීහු විරුද්ධ වූහ.

මේ හේතුවෙන් අද (20) උදෑසන දේහයෙන් සාම්පල රැගෙන පීසීආර් පරීක්ෂණයක් සිදුකළ අතර එහි වාර්තාවෙන් තහවුරු වූයේ මෙම පුද්ගලයා මියයනවිටත් කොරෝනා ආසාදිත අයකු බවයි. මේ අනුව දේහය ආදාහනය කිරීමට තීරණය කළ ද ඥාතීහු ඊට එරෙහි වූහ.

ඥාතීන් විරුද්ධ වුව ද කොරෝනා මරණයක් ලෙස සළකා දේහය ආදාහනය කිරීමට තීරණය කර ඇති බැවින් මියගිය තැනැත්තාගේ ඥාතීන් දේහය ආදාහනය කිරීම වළක්වන්න යැයි ඉල්ලා හෙට (21) අධිකරණයේ පිහිට පැතීමට නියමිතය.

ඔවුන් මේ සඳහා 2020 දෙසැම්බර් 16 වැනි දිනැතිව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක සඳහන් කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් එම ලිපිය අධිකරණ අමාත්‍ය අලි සබ්රි හා කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් අගමැතිතුමා හා සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ ඉස්ලාමීය ආගමට අයත් කොරෝනා මළ සිරුරු භූමදාන කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගන්නා තුරු කොරෝනා හේතුවෙන් මියයන අයගේ මල සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට හැකියැයි ද ඒ සඳහා කන්ටේනර් ද ලබාදීය හැකියැයි අධිකරණ අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාව හා සම්බන්ධව මෙම ලිපිය යොමු කරන බවයි.

එම ලිපියෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය, කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය, මනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය, මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය, අෂ්රෆ් අනුස්මරණ රෝහල කල්මුණේ යන ස්ථානවලට ශීතකළ කන්ටේනර් පහක් ලබාදෙන ලෙසයි. මෙය දැනටමත් ක්‍රියාත්ක වෙමින් ඊයේ (19) රාත්‍රියේ ම කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට මළ සිරුරු 50ක් බහාලිය හැකි ශීතකළ කන්ටේනරයක් ලැබිණි.

මෙම කන්ටේනර් මේ වනවිටත් ලබා දී ඇති බැවින් දෙද්දුගොඩ දී මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාග‌ේ මළ සිරුර ආදාහනය නොකරන ලෙසත්, ඉස්ලාම් ආගමික මළ සිරුරු ගැන අවසන් තීරණයක් ගන්නා තුරු කළුතර අධකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබා දී ඇති ශීතකළ කන්ටේනරයේ එම දේහය තැන්පත් කර තබන ලෙසත් නියෝගයක් ලබා දෙන්න යැයි ඉල්ලමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් හෙට (21) දිනයේ අධිකරණයට පැමිණිලි කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!