spot_img
spot_imgspot_img

ගාල්ලේ නිවසේ දී මියගිය පුද්ගලයාට කොරෝනා බව PCR වාර්තාවෙන් තහවුරු වේ

පුවත්

විදෙස්

ගාල්ල දෙද්දුගොඩ පිදංචිව සිටිය දී මියගිය පුද්ගලයාගේ මරණය කොරෝනා ආසාදිත මරණයක් බව පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

76 හැවිරිදි වියේ පසුවූ එම පුද්ගලයා ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාට කොරෝනා ආසාදනය වී තිබූ අතර ඔහු කරන්දෙණිය රෝහලේ දින 14ක් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටිය දී හදිසියේම මියගොස් තිබිණි.   

කොරෝනා ආසාදනය වී රෝහලගතව සිට නිවසට පැමිණ දින දෙකකදී සිදු වූ මරණයක් හේතුවෙන් අධිකරණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත එම මරණය කොරෝනා ආසාදිත මරණයක් ලෙස සළකා ආදාහනය කිරීමට තීරණය කළ ද ආගමික කණ්ඩායම් කිහිපයක් ඊට එරෙහි මතයක් දරමින් විරෝධය දක්වා තිබිණි. එම විරෝධය හේතුවෙ  හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගය ලබා දී තිබිණි.

ඒ අනුව අද උදැසන දේහයෙන් ලබාගත් ජෛව සාම්පල වාර්තාව මීට සුළු වේලාවකට පෙර ලැබුණු බවත් එම වාර්තාවට අනුව අදාල පුද්ගලයා මියයන අවස්ථාවේ දී ද කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි ද හදිසි මරණ පරීක්ෂක ලොකුගේ මහතා කීවේය.  

මෙම පුද්ගලයාගේ දේහය සම්බන්ධ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන බවත් කොරෝනා මරණ සම්බන්ධයෙන් රජයේ ඇති චක්‍රලේඛ අනුව කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!