-0.6 C
New York

කොරෝනා මරණ 171 දක්වා ඉහළට

Published:

කොරෝනා ආසාදිත මරණ 06 ක් පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) නිල වශයෙන් නිවේදනය කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි වයස අවුරූදු 39ක කාන්තාවකි. ජාතික රෝහලේ සිට අයිඩීඑච් රෝහලට යවන ලද ඇය අද (19) මියගොස් ඇත. ලේ විෂවීම, බහු ඉන්ද්‍රිය අක්‍රිය වීම සහ කොවිඩ් නිව්මෝනියාව ඇගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත.

වීරගුල පදිංචි අවුරුදු 68ක් පිරිමි පුද්ගලයෙක් වතුපිටිවට රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇත. ඒ ඊයේ (18) දිනයේ දී ය. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා හේතුවෙන් ඇති වූ පපුවේ ආසාදනයකි.

කොළඹ 15 පදිංචි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක් පසුගිය 17 වැනි දා  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව සෞඛ්‍ය අංශ පවසයි. මරණයට හේතුව අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා නිව්මෝනියාවයි.

කොළඹ 10 පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයකු 17 වැනි දා ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

කිරිවත්තුඩුව ප්‍ර‌ේදශයේ පදිංචි 88 හැවිරිදි කාන්තාවක් 18 වැනි දින නිවසේ දී මියගොස් ඇත. අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් හා කොරෝනා ආසාදනය මරණයට හේතුව ලෙස දක්වා තිබේ.

බණ්ඩාරගම පදිංචි අවුරුදු 83ක කාන්තාවක් 18 වැනි දින නිවසේ දී මියගොස් ඇති. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් හා කොරෝනා හේතුවෙන් හටගත් පපුවේ ආසාදනයකි.

මෙම මරණ සමඟ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img