2.1 C
New York

උණවටුන විහාරයක සාමනේර හිමියෝ හදිසියේම අපවත්වෙති

Published:

උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩ සිටි 16 හැවිරිදි සාමනේර හිමිනමක් හදිසියේ ම අපවත් වී ඇතැයි පොලිසිය පවසයි.

එම හිමියන් තම කුටිය අසළ ඊයේ (18)  ඇද වැටී ඇති බවත් රෝහලට ගෙන යන විටත් ප්‍රාණය නිරුද්ධ වී තිබුණු බවත් වාර්තා වේ. තඹුත්තේ ගම ප්‍රදේශයේ උපතලබා ඇති මෙම හිමියන්ගේ බාල සොහොයුරෙක් ද සමුද්‍රගිරි විහාරයේ ම මහනවී සිටියි.

අපවත් වූ මෙම සාමනේර හිමියන් කළක සිට අපස්මාර රෝගයෙන් පෙළෙන බව ද වරින් වර ඇද වැටෙන බව ද අනාවරණය වී ඇත. සාමනේර හිමියන් එම පිරිවෙනේ තම වයසට නියමිත ශ්‍රේණියට වඩා පහළ ශ්‍රේණියක ඉගෙනුම ලබන බව ද රෝගී තත්ත්වය ඊට හේතුවී තිබෙන බව ද අනාවරණය වී ඇත.

දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිත අතර වැඩිදුර පරීක්සණ හබරාදුව පොලිසිය විසින් සිදුකරයි.

Related articles

Recent articles

spot_img