-2.5 C
New York

කාලි අම්මාගේ “ධම්මික පැණිය” බෙදීම නවතී. පොලිසියෙන් 05 දෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ ඇත)

Published:

තමන් කාලි අම්මායැයි කියමින් අටමස්ථාන විහාරාධිපති හිමියන්ට තර්ජනාත්මකව කතා කළ පුද්ගලයකු කෑගල්ල ප්‍රදේශයේ බෙදාහරිමින් සිටි පැණිය සාමාන්‍ය ජනතාවට ලබාදීම නවතා ඇත.

මේ පැණිය ලබාගැනීමට අද (18) පැමිණි පිරිස් හරවා යැවීමට ද කෑගල්ල පොලිස් නිලධාරීන් හා කෑගල්ල සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ. පොලිසිය පවසන්නේ පැමිණ පිරිස් අතර සිටි 05 දෙනකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් ව්‍යාජ නිරෝධායනය නියෝග රැගෙනවිත් තිබීම හේතුවෙන් එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

දේවාලයක් පවත්වාගෙන යන කපුවකු ලෙස පෙනී සිටින බාස් කෙනකු විසින් කොරෝනා ඖෂධයක් සොයාගෙන ඇති බවට මාධ්‍ය මගින් ලැබුණු පුළුල් ප්‍රචාරයක් හේතුවෙන් ඔහුගෙන් එම පැණිය ලබාගැනීම විශාල වශයෙන් පිරිස් පැමිණෙති. කෙසේ වෙතත් ඔහු අටමස්ථානාධිපති හිමි ඉදිරියේ හැසිරුණු ආකාරයත් ඔහු තම දේවාලයේ කපුවා ලෙස කාන්තාවන්ට ප්‍රතිකාර කරන ආකාරයත් වීඩියෝ දර්ශන මගින් නිරීක්ෂණය කළ විශේෂඥ මනෝ වෛද්‍යවරු පවසන්නේ ඔහුට පරලවීම හා අවේශවීම (Trance and Possession state) මානසික රෝගී තත්ත්වය තිබිය හැකි බවයි. වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් එය සුව කළ හැකි බව ද වෛද්‍යවරු කියති.

කෙසේ වෙතත් ඔහුගේ දේවාලය පිහිටි නිවසේ ගේට්ටුව අද (18) දින වසා තිබූ අතර නැවත දැනුම් දෙනතුරු කිසිදු බෙහෙතක් ලබා නොදෙන බව ද එහි දැන්වීම් ප්‍රදර්ශනය කර තිබිණි.

Related articles

Recent articles

spot_img