කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 05 දෙනකු පිළිබඳ තොරතුරු අද (18) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 165ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම මරණ දක්වා ඇත්තේ මේ ආකාරයෙනි.
- අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුද්ගලයෙක් 11 වැනි දා අගලවත්ත මුලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය සමඟ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.
- මග්ගොන පදිංචි වයස අවුරුදු 86ක කාන්තාවක් දෙසැම්බර් 15 වැනි දින නිවසේ දී මියගොස් ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය සමඟ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.
- කොලඹ 15 පදිංචි වයස අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදිත බව දැනගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට යවා ඇත. එහි දී අද (18) මියගියේය. මරණයට හේතුව උග්‍ර වකුගඩු රෝගී තත්ත්වයක් හා කොරෝනා සමඟ ඇති වූ නිව්මෝනියා තත්ත්වයකි.
- මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් වූ පිරිමි පුද්ගලයෙක් කොරෝනා බව හඳුනාගැනීමෙන් පසු දකුණු කොළඹ රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට යවා ඇත. එහි දී අද (18) මියගොස් තිබේ. උග්‍ර වකුගඩු රෝගී තත්ත්වය හා කොරෝනා නිව්මෝනියාවයි
- වතුපිටිවල පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අද (18) නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ උග්‍ර වූ වකුගඩු රෝගයයයි.