-2.5 C
New York

වැලිගම සංචරණ සීමා ලිහිල් කරයි

Published:

කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් වැලිගම නගරයේ පනවා ඇති සංචරණ සීමා අද (18) රාත්‍රී සිට ලිහිල් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 24 දෙනකු වාර්තාවීම හේතුවෙන් ග්‍රාම නිලදාරී වසම් 06ක් සඳහා සංචරණ සීමා පැනවීමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ පියවර ගත්තේය. ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත් වීදිය, කෝට්ටේගොඩ, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ග්‍රාම නිලධාරී වසම් සඳහා සංචරණ සීමා පනවනු ලැබීය.

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මෙම සංචරණ සීමා ලිහිල් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

Related articles

Recent articles

spot_img