කොරා්නා වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10කින් යුතු හමුදා කණ්ඩායමක් යෙදවීමට අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් කොරා්නා මර්ධන කමිටුවේ දී තීරණය කෙරිණි.
මෙම යතුරුපැදි බල ඇණිය විසින් පුද්ගලයන් අනවශ්‍ය ලෙස ඒකරාශීවීම, අනවශ්‍ය ගමන්බිමන්වල යෙදීම, සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳ සොයා බලන අතර මඟ තොටේ දී හමුවන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය අහඹුු ලෙස පරීක්ෂා කිරීමට ද නියමිතය.
මෙම යතුරුපැදි බල ඇණිය සඳහා අවශ්‍යකරනු ලබන වියදම් දකුණු පළාත් සභාවෙන් ලබාදෙන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා කීවේය.



