spot_img
spot_imgspot_img

ගාල්ලේ මාපලගමින් මූලාශ්‍රයක් නොදන්නා ආසාදිතයෙක්

පුවත්

විදෙස්

ගාල්ල මාපලගම මානම්පිට ප්‍රදේශයේ මාරක්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 60 හැවිරිදි පුද්ගලකු කොළඹ රෝහලක ප්‍රතිකර ගැනීමට ගිය අවස්ථාවේ දී කරන ලද පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

දීර්ඝකාලීන වකුගඩු රෝගයකින් පෙළෙන මෙම පුද්ගලයා පසුගිය 06 දා කොළඹ රෝහලේ දී රුධිර කාන්දු පෙරණ ක්‍රියාවලියකට යොමුවී පසුව මාතර තොටමුණේ පදිංචි තම දියණියගේ නිවසට ගොස් තිබේ. එහි සිට නැවත 12 වැනි දා කොළඹට ගොස් ප්‍රතිකාර ගෙන මාරක්ගොඩ පිහිටි තම නිවසට පැමිණ ඇත.

යළි ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍යවීම හේතුවෙන් 16 දා කොළඹ රෝහලට ගොස් සිටිය දී කරන ලද පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ ඔහුට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ කිසිදු පැහැදිලි මූලාශ්‍රයක් නොමැති බවයි.

ඔහු තම ගමන් බිමන් සඳහා ගම් ප්‍රදේශයේ ත්‍රී රෝද රථ සහ පොදු ප්‍රවාහන සේවා බස්රථ කිහිපයක් ම භාවිතා කර ඇති බැවින් ඔවුන් සොයා නිරෝධායනය සඳහා යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි.

දැනටමත් ඔහුගේ සමීපතමයන් නිරෝධායනයට යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!