spot_img
spot_imgspot_img

කොළඹින් පිටවන අයට ඇන්ටිජනි පරීක්ෂාව. අධිවේගී මාර්ගයේ යන අයට නෑ ?

පුවත්

විදෙස්

බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් අද (18) සිට අහඹු  ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

බස්නාහිර පළාතෙන් පිටතට කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. වෛද්‍ය ගුණවර්ධන පවසන්නේ බස් රථවල හා අනෙකුත් රථවාහන වල ද ගමන් කරන මගීන්ගේ අපහසුතා ද සැළකිල්ලට ගනිමින් මෙම පරීක්ෂණ සිදුකරන බවයි.

කොළඹ නුවර මාර්ගයේ, කොළඹ හලාවත මාර්ගයේ, කොළඹ රත්නපුර මාර්ගයේ, කොළඹ මාතර මාර්ගයේ ස්ථාන කිහිපයක මෙම පරීක්සණ පැවැත්වේ.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ සම්න්ධව සිදුකරන බවත් අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වසංගත රෝග නිලධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා වෛද්‍ය රාසයනාගාර නිලධාරීන් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ සඳහා සහභාගී කරගන්නා බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කීවේය.

ඔහු පවසන්නේ රත්නපුර මාර්ගයේ සාලාව ප්‍රදේශයේ පරීක්ෂණ පවත්වන අතර කොළඹ මාතර මාර්ගයේ බේරුවල ප්‍රදේශයේ පරීක්සණ සිදුකරන බවයි. ඒ අනුව මීගමුවේ සිට අධිවේගී මාර්ගයේ හම්බන්තෙට දක්වාම යන ඔ්නෑම අයකුට ඇන්ටිජනි පරීක්ෂාව මඟ හැර යාමට අවස්ථාව ඇති බව අප කළ නිරීක්ෂණ අනුව පැහැදිලි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!