spot_img
spot_imgspot_img

රත්නපුර අධි අවදානම්, පාසල් හා පල්ලි වසා දමයි

පුවත්

විදෙස්

රත්නපුර නගරය කොරෝනා අධි අවදානම් ප්‍රදේශයක් යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි.

රත්නපුර කුඩුගල්ලවත්ත ප්‍රදේශයේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණ 20කින් 07 දෙනකුම ආසාදිත බව තහවුරු වී ඇති බව ද ආණ්ඩුකාරවරයා කීවේය.

මේ හේතුවෙන් ඊයේ917) පැවැති රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්ධන කාර්ය සාධන බලකා කමිටුවේ දී තීරණය කර ඇත්තේ අද (18) සිකුරාදා දිනයේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමීම සුදුසු බවයි.

එමෙන් ම රත්නපුර සෙලාන් බැංකුව හන්දිය සිට ඩිපෝ හන්දිය දක්වා ඇති සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට ද තීරණය කර තිබේ. රත්නපුර සීවලී මහා විද්‍යාලය, ගොඩිගමුව ධර්මරාජ විද්‍යාලය, රත්නපුර අල්මකියා විද්‍යාලය අද (18) සිට ලබන 23 වැනි දා දක්වා වසා දැමීමට ද කමිටුව විසින් තීරණය කර ඇත.

මෙම කමිටුව විසින් මැණික් ව්‍යාපාරිකයන්ට දැනුම් දී ඇත්තේ ඔවුන් එළිමහනේ තම ව්‍යාපාර කරගෙන යන අඹ ගහයට, ඔරලෝසු කණුව, දෙමුවාවත යන ප්‍රදේශ ව්‍යාපාරික කටයුතු සඳහා භිවාත නොකරන ලෙසයි. ඒ සඳහා නැවත දැනුම්දෙන තුරු රත්නපුර සීවලී විද්‍යාලයීය ක්‍රීඩාංගණය භාවිතා කරන ලෙස ද දන්වා ඇත.

කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් රත්නපුර නගරයේ පදික වෙළෙඳාම ද තහනම් කර ඇත. ගොඩිගමුව ප්‍රදේශයේ දැනට පනවා ඇති සංචරණ සීමා තවදුරටත් එලෙසම ක්‍රියාත්මක කරන අතර පවතින අවදානම් තත්ත්වය පහව යන තුරු අත්‍යාවශ්‍යම කාර්යයකට හැර රත්නපුර නගරයට පැමිණීමෙන් වළකින ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා  සිටියි.

මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 572ක් හමුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!