6.4 C
New York

කරාපිටිය පිළිකා ඒකකයේ කොරෝනා පොකුරක්. අද තවත් ආසාදිතයන් 10ක්

Published:

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (18) උදෑසන වනවිට 15 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (17) රෝගියකු අසළ සිටි ඔහුගේ බිරිඳ ආසාදිත බව තහවුරුවීමෙන් පසු වාට්ටුවේ නේවාසිකව සිටින රෝගීන්ට හා ඔවුන්ගේ උපස්ථායකයන් සඳහා පීසීආර් පරීක්ෂණ කරන ලදී. ඊයේ රාත්‍රියේ ම ඇයට තවත් ආසාදිතයන් 04 දෙනකු හඳුනාගත් අතර අද උදෑසන වනවිට තවත් ආසාදිතයන් 10 දෙනකු පිළිබඳ තොරතුරු ලැබී තිබේ.

රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ ඊයේ රාත්‍රියේම රෝහල් කාර්ය මණ්ඩලයේ ද කිහිප දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බවයි. කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයන් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීඹට නියමිතය.

මේ පිළිබඳ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිෂානි උබේසේකරගෙන් විමසූ විට ඇය කියා සිටියේ එම වාට්ටුවෙන් පිටතට කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා අවශ්‍ය සෑම පියවරක් ම ගෙන ඇති බවයි. මේ වනවිට වාට්ටුවට කිසිවෙකුට ඇතුළුවීමට හා පිටවීමට ඉඩ නොදෙන බවත් වාට්ටුවේ සිටින සියලුම දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරන බව ද ඇය කියා සිටියාය.

රෝහල් සේවකයන් පවසන්නේ පිළිකා ඒකකයට කොරෝන වයිරසය පැමිණෙන්නට ඇත්තේ මීට දින කිහියකට පෙර බවයි. මේ කාලයේ දී මෙම වාට්ටුවේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පැමිණි පිරිසිදුකරන්නියන් රෝහලේ අනිකුත් ඒකකයන් වෙත යාමත් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝහලේ ලිපි ලේඛන ආදිය රැගෙන යාම හා වෙනත් අංශවලට යාමත් බරපතල තත්ත්වයකට හේතු වී තිබිය හැකි බැවින් ඊයේ සිට ඊට පෙර සතියක පමණ කාලයක් හෝ අවම වශයෙන් මෙම වාට්ටුව හා සම්බන්ධ වූ පිරිස් පිළිබඳ විමර්ශයන කිරීම කළ යූතු බවයි.

Related articles

Recent articles

spot_img