spot_img
spot_imgspot_img

සොළී රට ජයගත් උදය රජු ලියූ ලිපියක් මුලතිව් කැලෙන් මතුවෙයි

පුවත්

විදෙස්

මුලතිව් දිස්ත්‍රික්කයේ නාගචෝලේ වන රක්ෂිතයේ පුරාවිද්‍යාත්මක භූමියක කළ කැණීමකින් සිව්වැනි උදය රජු විසින් කරවන ලද සෙල්ලිපියක් හමුවූ බව වව්නියාව පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්තිමුරුප්පු ග්‍රාම සේවා වසමේ මම පුරාවිද්‍යා භූමිය පිහිටා තිබේ. අක්කර 78ක වපසරියකින් යුතු මෙම භූමියේ බෞද්ධ ආරාමයක නටඹුන් දක්නට ලැබෙන අතර ඒවා අතර කබොක් ගල්වලින් ඉදිකරන ලද ස්තූපයක්, ප්‍රාකාර බැමි, ගල් කණු සහිත ගොඩනැගිලි පාදම්, සඳකඩපහන් සහ කැටයම් සහිත ශිලාමය උළුවහු ආදිය හමු වී තිබේ.

ක්‍රිස්තු වර්ෂ 964 සිට 972 දක්වා රජකම් කළ බව සැළකෙන් සිව්වැනි උදය රජු මත් ලෝලියකු බව කියැවේ. රජු සුරාවෙන් දවස ගෙවන බව දැනගත් සොළී රට රජු භට හමුදාවක් එවා මෙරට ආක්‍රමණය කළේය. රජු තම සෙනවියා සටනට යැවුවද හෙතෙම මළේය. රජු තම වස්තුවද ගෙන රුහුණට පලාගිය අතර රුහුණට යා නොහැකි වූ සොළීන් මෙරට වස්තුව කොල්ල කා සිය රට ගියේය. 

විදුරඟ නම් නායකයා සේනාපති තනතුරට පත්කළ උදය රජු මහ සේනාවක් සංවිධානය කර විදුරඟ සෙනෙවි සමඟ සොළී රටට යැවීය. විදුරඟ සෙනෙවි තම හමුදාව මෙහෙයවමින් භයානක සටනක් කර සොළීන් පරදා මෙරටින් ගෙන ගිය වස්තුවත් තවත් වටිනා දේත් රැගෙන යළි පැමිණි බව මහා වංශයේ දැක්වෙයි. අනුරාධපුර යුගයේ අවසන් භාගයේ විසූ මේ රජු මහා විහාරය ප්‍රතිසංස්කරණය කරවූ බව ද කියැවේ.

හතරවැනි උදය රජු විසින් කරවන ලද සෙල්ලිපියේ පේළි 100ක් පමණ මේ වනවිට මතුකරගෙන තිබේ. එය ඉරි ගසා පේළි වෙන්කර සැකසූ සෙල් ලිපියකි. එහි අනෙක් කොටස් මතුකර ගැනීම සඳහා කැණීම් සිදුකරයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය යුද කාලයේ දී හෝ ඊට පෙර මෙම ස්ථානය නිදන් හොරුන් විසින් විශාල ලෙස විනාශ කර දමා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!