spot_img
spot_imgspot_img

කරාපිටිය පිළිකා ඒකකයේ තවත් කොරෝනා ආසාදිතයෝ

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන තවත් රෝගීන් 04 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවරු වී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකුගේ බිරීඳ අද (17) කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමත් සමඟ වාට්ටුවේ අනෙකුත් රෝගීන් සහ උපස්ථායකයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. එම පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල අනුව මෙම ආසාදිතයන් 04 දෙනා හඳුනාගෙන ඇත.

මේ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවෙන් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 05 දෙනෙකි. සති තුනක් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා සිය කැමැත්තෙන් ඊයේ (16) රෝහලින් පිටව ගිය රෝගී කාන්තාවක් පෞද්ගලික රෝහලක දී මියගොස් ඇති අතර ඇය මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඇය ද කොරෝනා ආසාදිත බවයි.

මේ පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශානි උබේසේකර කියා සිටියේ මේ වනවිට 56 වාට්ටුවේ තවත් ආසාදිතයන් කිහිප දෙනකු වාර්තා වී ඇති බවයි. අද කරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බවත් තවමත් නිශ්චිත සංඛ්‍යාව ස්ථිරව කිව නොහැකි බවත් ඇය කියා සිටියාය.

වාට්ටුවට මේ වනවිට රෝගීන් ඇතුළත් කිරීම නවතා ඇත. වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය හා රෝගීන් කොතරම් අවදානම් මට්ටමක සිටින්නේ ද යන්න අවදානම් තක්සේරුවක් සිදුකිරීමෙන් පසු වාට්ටුවේ ඉදිරිි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව ද ඇය පවසයි.

මේ වනවිට වාට්ටුවේ අවදානම් තක්සේරු කටයුතු සිදුවෙමින් පවතින බවද ඇය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!