spot_img
spot_imgspot_img

නුවරඑළියේ බදු ඉහළ දමයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා සතුට සමරති

පුවත්

විදෙස්

නුවරඑළිය මහ නගර සභාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතවිය. එක්සත් ජාතික පක්ෂයට බලය හිමි නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න විසින් අයවැය ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා පක්ෂව නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරු 13 දෙනෙක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ හිටපු නගරාධිපතිවරයකු වූ මහින්ද දොඩම්පේගමගේ පමණි. විපක්ෂයේ මන්ත්‍රීවරු 06 දෙනකු මෙම ඡන්ද විමසීමට නොපැමිණි අතර පැමිණ සිටි විපක්ෂ මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

නාගරික මන්ත්‍රී මහින්ද දොඩම්පේගමගේ අයවැයට විරුද්ධව දීර්ඝ ලෙස කරුණු දැක්වීම විශේෂත්වයකි. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ නාගරික මන්ත්‍රී මොහොමඩ් පලිල් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමනේ පසු දොඩම්පේගමගේ මන්ත්‍රීවරයකු ලෙස පත්වූයේය.

මෙම අයවැයෙන් නුවරඑළිය මහ නගර සභා සීමාවේ වරිපනම් බදු 115%කින් ද ජල ගාස්තු 50%කින් ද වැඩි කර තිබේ.

මෙම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජනර පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් සියලුම එම පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබිණි. එසේ වුව ද අයවැයට විරුද්ධ වූයේ මහින්ද දොඩම්පේගම මන්ත්‍රීවරයා පමණි.

අයවැය ඡන්ද විමසීම අවසන්වීමෙන් පසු පාලනය හිමි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සමඟ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ද එක්ව කිරිබත් හා කැවුම් කෙසෙල් කමින් විනෝද වූ අයුරුද දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!