8.1 C
New York

ශ්‍රී ලංකන් සේවකයන් 08කට කොරෝනා

Published:

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කේටරින් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු කරයි.

ශ්‍රී ලංකන් කේටරින් අංශයේ එක් සාමාජිකයෙකුට පසුගිය සඳුදා (14) දින කොරෝනා ආසාදිත බව තහවුරු කර ගැණිනි.

ඒ අනුව ඔහු ඇසුරු කළ පිරිසකට කරන ලද පරීක්ෂණවලින් තවත් 07 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ වනවිට අදාළ ආසාදිතයන්ගේ බලපෑමට ලක්වී ඇති අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

Related articles

Recent articles

spot_img