-2.5 C
New York

ගාල්ලෙන් අද හමුවූ ආසාදිතයන්ගේ විස්තර

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (17) දිනයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 08 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

වැඩිම ආසාදිතයන් අද දිනයේ ද වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. ඒ සංඛ්‍යාව 03 දෙනෙකි. මේ තිදෙනා අතර ගාල්ල දඩල්ල පදිංචි මහ නගර සභා සේවකයකු ද සිටිති. රත්ගම සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි කොළඹ වරාය අධිකාරියේ සේවකයකු ද අද වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතර සිටියි. මීට අමතරව ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතන් දෙදෙනකු හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයකු ද වාර්තා වී ඇත. ගාල්ලෙන් අද වාර්තා වූ ආසාදිතයන් අතර කරාපිටිය පිළිකා ඒකකයේ නේවාසිකව සිටි රෝගියකුගේ බිරිඳ ද ආසාදිත බව තහවුරු වී තිබිණි. ඇය සූරියවැව පදිංචිකාරියක වුව ද දින ගණනාවක සිට රෝහලේ නතරව සිටි බව පවසයි.

මේ අතර මාතර හේවගේ පාරේ පදිංචි ගාල්ල හෝටලයක සේවය කරන තරුණියක් ද මාතර දී ආසාදිත බව හඳුනාගෙන තිබේ.

Related articles

Recent articles

spot_img