spot_img

ඇමති වාසුට හූ සංග්‍රහයක්

පුවත්

විදෙස්

ඇහැළියගොඩ තලාපිටිය ගමේ ඇති ජල මූලාශ්‍රවල ජලය වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට එරෙහිව ගම් වැසියන් විසින් විරෝධතාවක් දක්වමින් සිටිය දී එතැනට පැමිණි ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය වාසුදේව නානානායක්කාරට විරෝධතාකරුවෝ නොනවත්වා හූ තබමින් විරෝධය පළ කළහ.

ගැමියන් පවසන්නේ තලාපිටිය ගමේ ජල මූලාශ්‍රවලින් ගමට ජලය ලබාදීම සම්බන්ධයෙන් වසර තුනක පමණ සිට සමීක්ෂණයක් කළ බවයි. නමුත් දැන් අනුමත වී ඇති ව්‍යාපෘතියෙන් ඇහැළියගොඩ ප්‍රදේශයට ජලය දීමට සැළසුම් කර ඇති බවත් තම ගමේ ජනතාවට ජලය නොදී වෙනත් ප්‍රදේශවලට ජලය ලබාදීමට විරුද්ධ බවත් ඔවුහු කියති.

ගැමියන් පවසන්නේ තම ගමේ සියලු දෙනාට ගමේ ජල මූලාශ්‍රවලින් ජලය ලබා දී අවසන් වූ පසු එම ජලය වෙනත් ප්‍රදේශවලට ගෙනයාමට ඉඩ දෙන බවයි. දේශපාලන අවශ්‍යතා පසෙක තබා ගමේ පදිංචිකරුවන්ට ජලය ලබා දෙන ලෙස ද ඔවුහු පවසති.

වීඩියෝ දර්ශන පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles