8.1 C
New York

මාතරින් ආසාදිතයන් 18ක් වාර්තා වෙයි

Published:

මාතර දිස්ත්‍රික්කයෙන් අද (17) දින සවස් වනවිට කොරෝනා ආසාදිතයන් අලුතෙන් 18ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මාතර කොටවිල අවුරුදු 09ක පිරිමි දරුවකු හා අවුරුදු 14ක ගැහැණු ළමයකු ඇතුළු  එකම පවුලේ 05 දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. වැලිගම ගල්බොක්කේ හා අලුත්වීදියෙන් අද (17) දිනයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 08‌ දෙනෙකි. ඔවුන් අතරව වයස අවුරුදු 10ක දරුවකු ද සිටින බව වාර්තාවෙයි.

අනෙක් ආසාදිතයන් 05 දෙනා ම වාර්තා වන්නේ මාතර නගරය හා ඒ අවට ප්‍රදේශයෙනි.

ගාල්ලේ හෝටලයක සේවය කරන තරුණියක් සහ මාතර නගරයේ ව්‍යාපාර ස්ථාන දෙකක සේවකයන් සිව් දෙනෙක් මෙලෙස ආසාදිතයන් බව හඳුනානෙ ඇත. ඉන් තිදෙනකු යන්ත්‍රෝපකරණ අළෙවි සැළක සේවකන් වන අතර අනෙක් තැනැත්තා ධිවර ආම්පන්න අළෙවි සැළක සේවකයෙකි. එම ධීවර ආම්පන්න අළෙවි සැළෙන් මීට පෙර ද කොරෝනා ආසාදිතකු වාර්තා වී තිබිණි.

ඔවුන් පස් දෙනාගෙන් දෙදෙනකු බතූතා පාරේ පදිංචි අතර, තලල්ලේ පදිංචිකරුවකු හා තොටමුණ පදිංචිකරුවකු වෙයි. ගාල්ලේ සේවය කරන තරුණිය හේවගේ පාරේ පදිංචිකාරියකි. එම තරුණිය සේවය කරන හෝටලයේ වෙනත් සේවකයකුට පසුගියදා කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබූ අතර ඇය ආශ්‍රිතයකු බැවින් නිවසේ නිරෝධායනයට යොමු කර තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img