කොරෝනා වසංගතය පැතිරයමින් පවතින ශ්‍රී ලංකාවේ අද (17) උදෑසන වනවිට තත්ත්වය පිළිබඳ වාර්තාවක් කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.
එම වාර්තාවට අනුව අද (17) උදෑසන වනවිට ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ලයන් 616 දෙනකු අලුතෙන් හඳුනාගෙන ඇති අතර ඉන් 05 දෙනකු විදේශගත වී සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකාකියන් වේ. අනෙක් 611 දෙනා ම ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි පුද්ගලයෝය.
ඊයේ (16) දිනයේ දී හඳුනාගත් ආසාදිතයන්ගෙන් ද වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 266කි. මහනවුර දිස්ත්‍රික්කයෙන් 99ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 94ක් ලෙස ආසාදිතයන් හඳුනාගෙන ඇත. අනෙක් ආසාදිතයන් 152ක පිරිස අනෙකුත් දිස්ත්‍රික්කවල පදිංචිව සිටි අයයි.
මේ වනවිට මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 31,066ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහන් කරන්නේ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ පොකුර 3,059ක් බවයි. පෑළියගොඩ මාළු වෙළෙඳ සැලේ පොකකුර 28,007කි. එම 31,066ක ආසාදිත පිරිස අතරින් මේ වනවිට පුද්ලයෝ 22,244 දෙනෙක් පූර්ණ සුවය ලබා යළි සිය නිවෙස් වෙත ගොස් සිටිති.
ඊයේ (16) දිනය අවසන් වවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වූ සමස්ත පිරිස 34,736කි. ඉන් පුද්ගලයන් 25,651ක් පූර්ණ සුවය ලබා සිටියි.
කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට රෝහල්ගත ව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල පුද්ගලයන් 8,925ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි. එමෙන් ම පසුගිය පැය 24 දී රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධයස්ථානවලින් පුද්ගලයන් 785 දෙනකු සුවය ලබා පිටත්ව ගොස් ඇත.
ගතවූ පැය 24 දී වාර්තා කරන ලද කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 06 දෙනා සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් ඇත.