spot_img
spot_imgspot_img

ආගමික අන්තවාදීන්ගෙන් මග්ගොන මරණ පරීක්ෂකට මරන තර්ජන

පුවත්

විදෙස්

මග්ගොන ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ සිරුරක් පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීම හේතුවෙන් තමන් ඇතුළු පවුලේ සියලු දෙනාට මුස්ලිම් අන්තවාදීන් පිරිසක් මරණ තර්ජන එල්ලකරන බව මග්ගොන හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට දැනුම් දී තිබේ.

මග්ගොන හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් නෆීර් මොහොමඩ් නස්රි තම නිවස ආසන්න නිවසක මියගිය 80 හැවිරිදි මුස්ලිම් කාන්තාවක් සම්බන්ධ මරණ පරීක්ෂණය සිදුකිරීමේ දී එම ප්‍රදේශය අවදානම් කලාපයක් බැවින් ග්‍රාම නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද නිර්දේශය මත මෘත දේහය පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර තිබිණි. මෙම පරික්ෂණයේ ප්‍රතිඵල අනුව එම කාන්තාව කොරෝනා ආසාදිත බව වාර්තාවීමත් සමඟ තමන්ට මරණ තර්ජන එල්ලවන බව මරණ පරීක්ෂකවරයා පයාගල පොලිසියට හා කළුතර පොලිස් කොට්ඨාසයට දැනුම් දී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මරණ පරීක්ෂක මොහොමඩ් නස්රි මෙසේ පවසයි.

“මම මුස්ලිම් ජාතිකයෙක්. වසරකට වැඩි කාලයක් මරණ පරීක්ෂක වරයෙක් හැටියට ජාතියක් ආගමක් බලන්නේ නැතිව නීත්‍යානුකූලව අපේ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා වෙනුවෙන් සමානව සළකමින් මම නීති ගරුකව රාජකාරී කටයුතු කරනවා. මේ මියගිය තැනැත්තිය මගේ ඥාතිවරියක් ද වනවා. මරණය ගැන දැනගත් වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂක මෙය අවදානම් කලාපයක් බව කීවා. ඇය පදිංචි නිවස තිබුණේ මගේ නිවසට ගෙවල් 10ක් ඈතින්. මමත් ඒ බව දන්නවා. ඒ නිසා මම මරණය නීත්‍යානුකූලව පීසීආර් පරීක්ෂණයකට යොමු කළා. එයින් තහවුරු වුණා ඇය කොරෝනා ආසාදනය වී සිටි බව. මේ මොහොතේ සිට මර මට, මගේ පවුලේ අයට මරණ තර්ජන එල්ල වෙනවා. ඒ පවුලේ ඥාතීන්ට ගැටලුවක් තිබුණේ නැහැ. මරණ තර්ජන කරන්නේ එක්තරා අන්තවාදී මුස්ලිම් ආගමිකයන් පිරිසක්. කොරෝනා ආසාදිත මරණයක් නිරීක්ෂණයට ගිය නිසා මම මේ වනවිට නිවසේ නිරෝධායනය වෙමින් සිටිනවා. එ් නිසා මම මේ ගැන පයාගල පොලිසියට දැනුම් දුන්නා. ඒ වගේම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් දැනුම්වත් කර තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක එස්.ඒ.කුමසාරුගෙන් විමසූ විට කියා සිටියේ මේ පිළිබඳ පොලිසිය දැනුම්වත් කර ඇති බැවින් ඒ සම්බන්ධ විමර්ශනයක් ද සිදුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!