8.1 C
New York

මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළනගී

Published:

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය තවත් මරණ 03ක තොරතුරු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) රාත්‍රී නිකුත් කර තිබේ.

කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 50ක කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර යවා සිටිය දී දෙසැම්බර් 14 වැනි දා වකුගඩු අක්‍රීය වීම සහ කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් මියගොස් තිබේ

කොළඹ 09 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක් අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර දෙසැම්බර් 15 වැනි දා මියගොස් ඇත. මරණයට හේතුව ලේ විෂවීම, බහු ඉන්ද්‍රිය අක්‍රියවීම, කොරෝනා නිව්මෝනියාව හේතුව බවයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43ක් වයසැති කාන්තාවක් පානදුර මූලික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එහි දී දෙසැම්බර් 16 වැනි දා මියගොස් ඇත. මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව, ලේ විෂවීම නිසා ඇති වූ කම්පනය හා බහු ඉන්ද්‍රීය අක්‍රියවීමයි.

මේ මරණ තුනත් සමඟ කොරෝනා හේතුවෙන් මෙරට දී සිදුවූ මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img