ශ්‍රී ලංකා රජයෙන් දැඩි අසාධාරණයට ලක්ව සිටින මුස්ලිම් ජාතිකයන් සියලු දෙනාට සිය රටේ පදිංචිය සඳහා පැමිණෙන්නැයි මාලදිවයින් රජය විසින් ආරාධනා කළ යුතු බව එරට හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කරනවා.
කොරෝනා වයිරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ට ඉස්ලාම් දහමට අනුකූලව ගෞරවණීය ලෙස මිහිදන් වීමේ අයිතිය තිබෙන බවත්, ශ්‍රී ලංකා රජය එම අයිතියට ගරුකළ යුතු බවත් ඇය වැඩිදුරටත් පවසනයි. එසේ සිදු නොවන්නේ නම් සියලු ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙක් මාලදිවයිනේ පදිංචියට පැමිණිය යුතු බවයි ඇය අවධාරණය කරන්නේ.
වයිරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් මිහිදන් කිරීම සඳහා මාලදිවයින් රාජ්‍යය දූඵත් වෙන් කිරීමට ද කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට තීරණය කර ඇති බව එරට විදේශ අමාත්‍යවරයා පැවසීය.