8.1 C
New York

දකුණේ ආසාදිතයන් තවත් 21කින් ඉහළට

Published:

දකුණු පළාතෙන් අද (16) කොරෝනා ආසාදිතයන් 20 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 02ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 10ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 08 දෙනකු වශයෙනි.

ගාල්ලේ ආසාදිතයන් දෙදෙනා බද්දේගම හා තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් වාර්තා වී ඇත.

මාතර දිස්ත්‍රික්කයේ වැලිගමින් ආසාදිතයන් 03 දෙනෙකු, වැලිපිටයෙන් ආසාදිතයන් 05 දෙනකු හා කැකණදුරින් ආසාදිතයන් 02ක් වශයෙන් වාර්තාවෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 04 දෙනකු අම්බලන්තොටින් හා අනෙක් හතරදෙනා තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇත.

මීට අමතරව අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මාතර කඹුරුපිටියේ පදිංචි පුද්ගලයකු කොළඹ දී සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ දකුණු පළාතේ ආසාදිතයන් 21ක් වාර්තා වෙයි. මේ අනුව දකුණු පළාතේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 533ක් දක්වා ඉහළ යයි.

Related articles

Recent articles

spot_img