8.1 C
New York

පැණි ධම්මික “මම කාලී” කියමින් හාමුදුරුවන්ට සද්දෙ දමයි (වීඩියෝ)

Published:

කොරෝනා සුවපත් කරන පැණියක් සෑදූ බව කියූ පෙදරේරුවා අද (16) අනුරාධපුරයේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ට තර්ජනය කරමින් අශෝබන ලෙස හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

තමන් වෙද මහත්මයකු බව කියාගන්නා මේ පෙදරේරුවා එහි දී හිමියන්ට පවසන්නේ තමන් කාලී බවයි. තමන් කාලී මෑණියන් බවත් හිමියන්ගේ මෑණියන් බවත් ඔහු මහ හඬින් පවසයි. කාලි මෑණියන් වැනි විවිධ ආගමික විශ්වාසයන්හි එන චරිත තම සිරුරට ආරූඪවන බව පැවසීම මානසික රෝගයක් බව මනෝ වෛද්‍යවරු පවසති.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර ලෙස හඳුන්වමින් තමන් දේශීය වෙදැදුරකුයැයි කියාගන්නා වෘත්තියෙන් පෙදරෙුරුවකු වන මොහු තමන්ට කාලි මෑණියන්ගේ ආශිර්වාදය ඇතැයි පවසමින් දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකි. ඔහු අද ජයශ්‍රී මහා බෝ සමිඳු අභියසට ගොස් අනතුරුව අටමස්ථානාධිපති හිමියන් ඉදිරියේ මෙලෙස හැසිරීමෙන් ඔහුගේ මානසික තත්ත්වය මනාව පැහැදිලි වෙයි.

මේ වීඩියෝව නැරඹීමෙන් සත්‍ය තේරුම්ගත හැකිවනු ඇතැයි සිතමු.

Related articles

Recent articles

spot_img