spot_img
spot_imgspot_img

කොරා්නා පාලනයට රට වසා දමන ලෙස සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට පැමිණ ඇති බැවින් එළැඹෙන උත්සව කාලයේ දී රට සම්පූර්ණයෙන් ම වසා දැමීමට නොහැකිනම් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමට හෝ කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා තිබේ.

එසේ වුව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ රට අගුළු දැමීමක් සිදු නොවන බවයි. කෙසේ වෙතත් මෙම උත්සව කාලයේ දී සාප්පු සවාරිවලින් සහ විනෝද ගමන්වලින් වැළකී සිටින ලෙසත් එසේ නොවුනහොත් සංචරණ සීමා පැනවීමට සිදුවන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

උත්සව සමයේ දී අනුගමනය කළ යුතු විශේෂ සෞඛ්‍ය නිර්දේශද ලබා දෙන ලදී.

බස්නාහිර පළාතේ මෙතෙක් කේන්ද්‍රගත වී තිබූ කොරෝනා වසංගත අධි අවදානම් තත්ත්වය ක්‍රමයෙන් අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරයාමේ ප්‍රවණතාවක් පෙනෙන්නට ඇති බැවින් සෞඛ්‍ය අංශ මෙම ඉල්ලීම කර තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මේ වනවිටත් එකිනෙකා හා සම්න්ධතා නොදැක්වූ ආසාදිතයන් තැන් තැන්වලින් වාර්තා වෙමින් තිබෙන බවයි.

මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සංස්කාරක වෛද්‍ය හිරිත අලුත්ගේ මෙසේ කීවේය.

“ මෙපමණ කාලක් වසංගත රෝග විද්‍යා අංශය කිව්වේ අපි ඉන්නේ තුන්වැනි මට්ටමේ කියලා. අපේ වාර්තා වෙන්නේ රෝගී පොකුර කියා කිව්වා. නමුත් දැන් රටේ වාර්තා වන අය ගත්තාම නිශ්චිත සම්බන්ධතා නැති එකිනෙකට සම්බන්ධ නැති අය හමුවෙන බව පැහැදිලිව තිබෙනවා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත් මාර්ගෝපදේශත් සැළකිල්ලකට ගනීමින් අපි කොතැනද ඉන්නේ කියා සොයා බලන්න කියා අපි වසංගත රෝග විද්‍යා අංශයෙන් ඉල්ලා සිටිනවා.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙසේ පවසයි.

“ඇතැම් දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් ගිය අයගෙන් සම්පේෂණය වීමෙන් ඒ නිසා අපි දිගටම ඉල්ලා සිටිනවා හැකිතාක් සංචරණය කිරීමෙන් වළකින්න කියලා. හැකිතාක් නිවසටම වී ඉන්න කියලා. විශේෂයෙන් ම මේ උත්සව සමයේ දී ගමන් සීමා කරන්න කියා අපි ඉල්ලා සිටිනවා බස්නාහිරින් පිටතට ගියොත් අමුත්තන් හමුනොවී නිවසටම වී සිටින්න කියලාත් අපි ඉල්ලා සිටිනවා.”
එළැඹෙන උත්සව කාලයේ දී බස්නාහිර පළාතේ පදිංචිකරුවන් හා තාවකාලිකව රැකියා සඳහා පැමිණ සිටින පිරිස් ගම් ප්‍රදේශවලට විශාල වශයෙන් සංක්‍රමණය වීම අනෙකුත් ප්‍රදේශවලට ද කොරෝනා වසංගතය තවදුරටත් පැතිරයාමට හේතුවන බව සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර යුද හමුදාපතිවරයා පවසන්නේ රට වසා දැමීමක් සිදු නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!