-1 C
New York

වැලිගම PCR සඳහා පැමිණි පිරිසකට තවත් පිරිසක් පහර දෙති

Published:

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගතය පැතිරයාමේ අවධානමක් හේතුවෙන් අද (15) පීසීආර් පරීක්ෂණ සිදුකරන ස්ථානයට පැමිණි පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා පැමිණ සිටි පිරිසකට බැණ වැදී පහර දී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ තොරතුරු සපයන වැලිගම නගර සභාවේ නාගරික මන්ත්‍රී එච්.එම්.ෂියාම් පවසන්නේ වැලිගම අලුත්වීදිය ප්‍රදේශයේ පැවැති පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත්ව සිටි මලපලාව ප්‍රදේශයේ පිරිසක් පහර කෑමට ලක්වූ බවයි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ අරූශ්‍රියා මාවතේ පදිංචිකරුවන් 10 දෙනකුගෙන් පමණ යුතු කණ්ඩායමක් මෙලෙස පහරදුන් බවයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් මහජන පරීක්ෂකවරුන් විසින් පොලිසියට දැනුම්දී තිබිණි. පොලිසිය එම ස්ථානයට ළඟා වන විට පහරදීමට පැමණි පිරිස පළා ගොස් තිබූ බව ද වැලිගම පොලිසිය කියයි.

(තරංග ගුණරත්න)

Related articles

Recent articles

spot_img