4.5 C
New York

ගින්නෙන් ලේඛනවලට හානියක් නැතැයි රජය කියයි

Published:

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නෙන් කාර්යාලයකට හෝ ලිපිගොනුවලට කිසිදු හානියක් සිදුව නැතැයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ.මායාදුන්නේ පවසන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

එම නිවේදනයේ දැක්වෙන්නේ අද (15) සවස 4.45ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි භූමියේ පැවැති අබිලි භාණ්ඩ ගබඩාවේ ගින්නක් ඇති වූ බවයි. එම ගබඩාව ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහළේ පිහිටා තිබූ බවත් ගින්නෙන් හානි සිදුවී ඇත්තේ එම ගොඩනැගි්ලලට පමණක් බවත් ලේකම්වරයා පවසයි.

එම ගින්න ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන් ම පාලනය කළ බවත් ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවත් මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත. ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගින්න සම්බන්ධ කඩිනම් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රජයේ රස පරීක්ෂඛ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බවයි.

Related articles

Recent articles

spot_img