පාසල් දැරියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද (15) දින වව්නියාවේ පාසල් 4 කට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.රාධක්‍රිෂ්ණන් පවසයි.
අවුරුදු 15 ක් වයසැති අදාල පාසල් දැරිය අසනීප තත්වයක් හේතුවෙන් වව්නියාව මහරෝහලට ඇතුලත් වීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකින් අනතුරුව දැරියට වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගනු ලැබීය.
මේ හේතුව නිසා වව්නියාවේ දෙමළ මහවිද්‍යාලය, බාලිකා මහා විද්‍යාලය, ගාමිණි මහාවිද්‍යාලය සහ සයිවර් ප්‍රකාශ මහවිද්‍යාලය මෙලෙස අද (15) සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගෙන ඇත.
මේ අතර අදාල පාසල් දැරිය ඇතුලු නිවැසියන් නිරෝධායනයට යොමු කොට ඇති අතර සමීප ඇසුරු කල පුද්ගලයින් සියලු දෙනා හඳුනාගනිමින් ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමටද පියවර ගෙන ඇත.
එම පාසල් දැරියට කොරෝනා වයිරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරයි.
එමෙන්ම වසාදැමුනු සියලු පාසල් විෂබීජහරනය කිරීමටද වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පියවර ගෙන ඇත.