4.5 C
New York

ගාල්ල නගර සීමාවෙන් අද ආසාදිතයන් 22ක්

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තවත් ආසාදිත පුද්ගලයන් 15ක් පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය විසින් අද (15) සවස ලබා දී තිබේ. ඒ අනුව අද දිනයේ පමණක් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ යයි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 326ක් වාර්තා වන බව සෞඛය අංශ පවසයි.

අද දිනයේ දැනට ලැබී ඇති පීසීආර් වාර්තා අනුව හඳුනාගත් ආසාදිතයන් 22ක පිරිස රෝහල්ගත කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කිරීමටත් සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි. මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුවය ලබා ඇති ආසාදිතයන් සංඛ්‍යාව 135 දෙනකු පමණක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ අද (15) කොරෝනා බව තහවුරු වූ සියලු දෙනා ම හමුවී ඇත්තේ දැනට දැඩි සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවලින් බවයි.

Related articles

Recent articles

spot_img