spot_img
spot_imgspot_img

වෛද්‍ය සභාවේ නම කෙළෙසා වෛද්‍ය නිලධාරී සංගමය ජනපතිට බොරු ලිපි යවලා

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිරයාට සාවධ්‍ය හා නොමඟ යවන සුළු කරුණු ඇතුළත් ලිපියක් යවා ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංයුතිය පිළිබඳ තොරතුරු ද චේතනාන්විතව වසන්කර එම ලිපියෙහි සඳහන් කර ඇතැයි විශේෂඥ වෛද්‍ය රණසිංහ එම ලිපියේ දක්වා තිබේ.

2018 වර්ෂයේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද විශේෂඥ වෛද්‍ය නාම ලේඛනය ස්ථාපිත කිරිමේ පනත අනුව විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනකු වෛද්‍ය සභාවට ඇතුළත් විය යුතු නමුත් වෛද්‍ය සභාවේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ඇමතිවරිය පත් කළ කමිටුව මඟින් වෛද්‍ය සභාවට විශේෂඥ වෛද්‍යවරුන් පත්කිරීම පසුවට කල්තැබිය යුතු බව ප්‍රකාශ කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බව ද එම වෛද්‍ය සභාව තනි වෘත්තීය සමිතියකට නතුකර ගැනීමේ උත්සාහයකැයි ද එහි සඳහන් කර ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ උද්ගත වී ඇති අර්බුදය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය ඇමතිවරිය දියත් කළ පක්ෂග්‍රාහී ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවයි.

සෞඛ්‍ය ඇමතිවරිය පත් කළ කමිටුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් දෙදෙනකු ඇතුළත් කිරීමෙන් එම කමිටුවේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ගැටලු මතුවන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

වෛද්‍ය සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් සිවු දෙනෙකු ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමතිවරියට බලයක් නැතැයි ද එම ලිපියේ සඳහන් වේ. උසස් පෙළ අඩු සුදුසුකම් සහිත වෛද්‍යවරුන් ලියාපදිංචි වීම මීට ඉහත දී ද සිදුව ඇති අතර එවැනි වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුවේ පවා නිලතල දරා තිබෙන බව ද විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වැනි උත්තරීතර එමෙන් ම ස්වාධීන ආයතනයක් දේශපාලන සහ වෘත්තීය සමිතිවල බලපෑමෙන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඊට මැදිහත් වී සාදාරණය ඉටුකරවා දෙන ලෙසසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපපතිවරයා වෙත යවා ඇති එම ලිපියේ දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!