-1 C
New York

මරණ 154යි. ආසාදිතයන් 33,478යි

Published:

කොරෝනා ආසාදිතයන් 685ක් අද (14) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 33,478ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 24,309ක් සුවය ලබා සිටිති.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මිනුවන්ගොඩ සහ පෑළියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති සමස්ත ආසාදිතයන් සංක්‍යාව 29,837ක් බවයි.

මේ අතර අද දිනයේ කොරෝනා හේතුවෙන් මියගිය පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ තොරතුරු රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් නොවැම්බර් මස 11 වැනි දින මියගොස් ඇත්තේ කොරෝනා සහ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකිනි.

මියගිය අනෙක් තැනැත්තා පිරිමි පුද්ගලයෙකි. 65 හැවිරිදි වියේ පසුවූ ඔහු කොළඹ 14 පදිංචි කරුවෙකි. කොළඹ පෞද්ගලික රෝහලක දී ඊයේ (13) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

මේ මරණ දෙකත් සමඟ මෙරටින් වාර්ථාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 154කි.

Related articles

Recent articles

spot_img