spot_img
spot_imgspot_img

විදෙස් හිමිගේ අවසන් අවස්ථාවට ගිය මාධ්‍යවේදියාට අනිසි බලපෑම්. ඡායාරූපත් මකා දමලා

පුවත්

විදෙස්

හදිසියේ ම අපවත්වී වදාල විදෙස් හිමියන්ගේ අවසන්කටයුතු සිදුවන අවස්ථාව වාර්තාකිරීමට එහි ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට දායක සභාවෙන් දැඩි බලපෑම් එල්ලකර පොලිස් නිලධාරියකුගේ සහයෙන් ඔහුගේ කැමරාවේ තිබූ ඡායාරූප ද මකා දමා තිබේ.

මෙලෙස බලපෑම් කිරීමට ලක්ව ඇත්තේ ලක්බිම හා අරුණ පුවත්පත්වල රත්ගම වාර්තාකරු ලෙස සේවය කරන ගුණපාල එරත්නවල්ලි වෙතය. ඔහු අද (14) ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමට ද ගියේය.

එම අවස්ථාවේ දී පොලිසිය පවසා ඇත්තේ අදාල ඡායාරූප මකා දැමීමට කටයුතු කළ පොලිස් නිලධාරියාගේ නම හෝ නිල අංකය අවශ්‍ය බවයි. එම අංකය ද සහිතව හෙට (15) ඔහු එම පැමිණිල්ල සටහන් කිරීමට නියමිතය.

ගුණපාල එරත්නවල්ලි පවසන්නේ තමන් එම විදෙස් හිමියන්ගේ මෘත දේහය ඡායාරූපයට හසුකර නොගත් බවයි. දේහය මුද්‍රා තබා තිබූ බැවින් එම ස්ථානයේ සිදුවූ ආගමික වතාවත් පමණක් ඡායාරූප ගත කළ බවත්. එය සිදුකළේ තම ජංගම දුරකථනයේ කැමරාවෙන් බවත් ඔහු පවසයි. එම අවස්ථාවේ දී එතැනට පැමිණි දායකයන් බව කියාගත් පිරිසක් තමන් වෙනත් පසෙකට කැටුව ගොස් තර්ජනය කරමින් පොලිස් නිලධාරියකු ද කැඳවා එම ඡායාරූප සියල්ල මකා දමන ලෙස බලපෑම් කළ බව ද ඔහු පවසයි.

තමන් මාධ්‍යවේදියකු බවත් අවසන්කටයුතු තම පුවත්පත්වලට වාර්තා කිරීමට පැමිණි බවත් පොලිස් නිලධාරියාට පැවසුව ද එම පිරිසගෙන් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන් පොලිස් නිලධාරියාද තමන්ට ඡායාරූප මකා දැමීමට බලපෑම් කළ බව එරත්නවල්ලි පවසයි.

ඔහු පවසන්නේ විදෙස් හිමියන්ගේ මරණය සම්බන්ධ විවිධ කටකතා පවතින බැවින් තමන් අවසන් කටයුතු සිදුවන ආකාරය වාර්තා කිරීම සඳහා එහි ගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!