spot_img
spot_imgspot_img

අධිවේගී පිවිසුමේ සිට රේස් පැද්ද යතුරුපැදිකරුට 90,000ක් දඩ

පුවත්

විදෙස්

අධිවේගි මාර්ග පිවිසුම අසළ සිට කොළඹ නුවර පාරේ ධාන තරඟ පැවැත්වූ යතුරුපැදි කරුවකුට රුපියල් 90,000ක දඩයක් නියම කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා අද (14) කටයුතු කළේය.
මුල් ආකෘතිය වෙනස් කිරිම, අංක තහඩු නොමැතිව සහ වලංගු රියදුරුබලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරි ලෙස යතුරු පැදියක් ධාවනය කිරිම යන චෝදනා සම්බන්ධයෙන් වරද පිලිගත් කඩවත ,රම්මුතුගල ප්‍රදේශයේ පදිංචි සදීස දුල්සාන් රාජපක්ෂ නැමති යතුරු පැදිකරුට මෙසේ දඩ නියම කෙරුණි .

කඩවත අධිවේගී පිවිසුම් මාර්ග යේ සිට යක්කල කන්දකපාපු හංදිය දක්වා ත්‍රිවීලර් සහ යතුරු පැදි මුදලට රේස් පැදීම රාත්‍රි 12ත් අලුයම් කාලයත් අතර දී සිදු කරන බව පැමිල්ල මෙහෙයවමින් යක්කල පොලිසියේ සැරයන් කුමාර වීරසිංහ (27316) මහතා අධිකරණය හමුවේ පැවසීය.

රේස් පදින යතුරු පැදිය හෝ ත්‍රිවීලර් රථයට ආරක්ෂාව සපයන වාහන නිසා කොළඹ – නුවර ප්‍රධාන මාර්ග යේ විශාල වසයෙන් වාහන තදබදයක් ඇති වන බව පැවසීය.

එම රියදුරන්ව පොලිසියට ගෙන්වා කොතෙක් අවවාද කලද ඔවුන් ගේ එම ක්‍රියාවන් නොනවත්වා සිදු කරන බව ට වැඩ්දුරටත් සදහන් කලේය.

දෙදෙනෙකු ට ගමන් කල හැකි ලෙස සීට් එක නිෂ්පාදනය කර ඇති මෙම යතුරු පැදියේ සීට් එක එක් අයෙකුට පමණක් ගමන් කල හැකි ලෙස සකසා ඇති බවත් නියමිත හැඩලය ගලවා උස් හැඩලයක් සවිකිරීම ඇතුළු රේස් පැදීමට පහසු වන ආකාරයට යතුරු පැදිය සකසා ඇති බවත් හෙතෙම පැවසීය.

මෙම රියදුරන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මාරක රිය අනතුරු බෙහෙවින් සිදුවන හෙයින් දැඩි දඩුවම් පමුණුවන ලෙස සැරයන්වරයා අධිකර ණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව සැක කාර යතුරු පැදිකරුට තරයේ අවවාද කල අධිකරණය රුපියල් 90,000 ක දඩයක් නියම කල අතර යතුරු පැදියේ හිමිකරු ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!