spot_img
spot_imgspot_img

සමාජ මාධ්‍යවල බෙදන බෙහෙත් වට්ටෝරු භාවිතා කරන්න එපා යැයි රජය කියයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතයෙන් වැළකී සිටීමට සුදුසුයැයි කියමින් සමාජ මාධ්‍ය හා වෙනත් පුද්ගලයන් විසින් බෙදාහරිනු ලබන ඖෂධ වට්ටෝරු භාවිතා කිරීමෙන් වළකින ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්දන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ‌යේ ලේකම් කුමාරි වීරසේකර මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේ දී ඊට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳ සැළකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි. එම ඖෂධ සඳහා භාවිතා කරන්නේ ශාකමය අමුද්‍රව්‍යක් නම් එසේ භාවිතා කළ යුත්තේ ශාකයේ කුමන කොටස ද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් බව ද එම නිවේදනයේ දක්වා ඇත.

එබැවින් පාරම්පරික ඖෂධ බව කියමින් ඇතැම් පුද්ගලයන් විසින් හඳුන්වාදෙන වට්ටෝරු භාවිතා කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ද ලේකම් විසින් එම නිවේදනයේ දක්වා ඇත.

තම ශරීර ශක්තිය වර්ධනය කරගැනීම සඳහා දේශ්‍යී වෛද්‍ය ප්‍රතීකර්ම භාවිතා කළ ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව සෞඛය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛය උපදෙස් ඒ ආකාරයෙන් ම තවදුරටත් පිළිපැඳීම අවශ්‍ය වන බව අවධාරණය කර ඇත.

ලේකම් කුමාරි වීරසේකර පවසන්නේ දේශීය ඖෂධ කිහිපයක් පිළිබඳ මේ වනවිට පර්යේෂණ සිදු කරගෙන යනු ලබන අතර එම පර්යේෂණ කටයුතු අවසන් වූ වහාම ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!