2.3 C
New York

කොරෝනා ආසාදිත මෘතදේහ කොන්ක්‍රීට් වළක භූමදාන කිරීමේ යෝජනාවක්

Published:

කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ කොන්ක්‍රීට් යෙදූ සිමෙන්ති වළක භූමදාන කිරීමට ඇති හැකියාව පිළිබඳ සළකා බැලීම සිදුසු යැයි නියේජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔහු පවසන්නේ මෘතදේහ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත තීරණය කිරීම සඳහා පත්කර ඇති තාක්ෂණික කමිටුවට එම යෝජනාව ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානමින් සිටින බවයි.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයකුගේ සිරුරේ ඇති වයිරසය දින කිහිපයකට වඩා සජීවී තත්ත්වයෙන් නොපවතින බැවින් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසු බව හෙතෙම පෙන්වාදෙයි. කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් තොරව භූමදාන සඳහා ඉඩ දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමත් ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කරමින් භූමදානය සඳහා අවසර ලබාදෙන ලෙසත් ඔවුන් විසින් කරන ලද ඉල්ලීම් අනුව ඒ පිළිබඳ නිර්දේශ ලබාදීමට තාක්ෂණික කමිටුවක් පත්කරන ලදී.

පසුගියදා පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේ ජලය එකතු නොවන ක්‍රමවේදයකට මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය සඳහා සකස් කළ යුතු බවයි. එබැවින් වඩාත් සාර්ථක ක්‍රමවේදය මෙය වන බව වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පැවසීය.

Related articles

Recent articles

spot_img