2.3 C
New York

මාතලේ පළමු කොරෝනා මරණය සමඟ අද මරණ තුනක්

Published:

මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන පළමු මරණය සමඟ අද (13) දිනයේ කොරෝනා මරණ තුනක් පිළිබඳ නිල දැනුම් දීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරාය විසින් සිදුකර ඇත.

ඔහු උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා ඇතී මරණ තුන පිළිබඳ විස්තර පහත දැක්වෙයි.

  1. කොළඹ 10 පදිංචි වයස අවුරුදු 62ක් වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව රෝහලට මාරු කර යවා ඇති අතර එහි දී ඊ‌යේ (12) මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව සමඟ ඇති වූ දරුණු හෘදයාබාධයකි.
  2. වත්තල පදිංචි අවුරුදු 71ක් වූ කාන්තාවක් කොළඹ පෞද්ගලික රෝහලක සිට අයිඩීඑච් රෝහලට යවා ඇති අතර ඊයේ (12)  මියගොස් ඇත්තේ කොරෝනා නිව්මෝනියා ත්තත්වය හා ලේ විෂවීමෙන් ඇති වූ කම්පන තත්ත්වයකිනි.
  3. මාතලේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ පෞද්ගලික රෝහලක සිට කොරෝනා බව හඳුනාගැනීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික් රෝහලට යවා සිටිය දී කොරෝනා නිව්මෝනියා තත්ත්වය සමඟ හෘදය අක්‍රිය වීමෙන් මියගොස් තිබේ.

මේ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 152ක් දක්වා ඉහළ ගියේය.

Related articles

Recent articles

spot_img