spot_img
spot_imgspot_img

සැරයන්වරියගේ සාදය ගම් තුනක් හුදකලා කරයි

පුවත්

විදෙස්

පොලිස් සැරයන්වරියකගේ නිවසක පැවැති සාදයකට සහභාගී වූ පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වැල්ලව, කනව සහ සීරාදුන්න ප්‍රදේශ හුදකලා කිරීමට සිදුව ඇතැයි සෞඛය අංශ පවසයි.

මෙම ප්‍රදේශවලින් අද (13) ආසාදිතයන් 18 දෙනකු හමුවී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ සිරාදුන්නේ පදිංචි කොළඹ පොලිසියක සේවය කරන සැරයන්වරියකගේ නිවසේ පැවැති සාදයකට සහභාගී වූ පිරිසක් මෙලෙස ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

සාදයෙන් පසු එම සැරයන්වරිය සහ ඇගේ මවට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කරගැනීමෙන් පසු සාදයට සහභාගී වූ පිරිස සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වා තිබිණි.

මෙම සාදයට සහභාගී වූ ආසාදිත පිරිස අතර මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක ද සිටින බව වාර්තා වෙයි. වැල්ලව පොලිසියේ පිරිසක් ද සාදයට සහභාගී වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම සැරයන්වරිය සේවය කරන කොළඹ පොලිස් ස්ථානයේ දී ඇයට කොරෝනා ආසාදනය වන්නට ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!