2.3 C
New York

පීසීආර් පරීක්ෂණ මඟහරිනවානම් දේපළ තහනම්

Published:

පීසීආර් පරීක්ෂණ මඟහරින පුද්ගලයන්ට හා එම පරීක්ෂණවල දී ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව  අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මොවුන් රටට  ද්‍රෝහිකම් කරන පුද්ගයන් සහ වයිරසය තවත් පුද්ගලයන්ට ව්‍යාප්ත කරන්නන් වශයෙන් සළකා ඔවුන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට  කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

පීසීආර් පරීක්ෂණය කිරීමේ දී කිරීමේදී ඇතැමුන් ලබා දෙන්නේ ව්‍යාජ තොරතුරු බවට තොරතුරු හෙළි ව ඇති බවත් අන් අයෙකු ලෙස පෙනීසිටීමේ වරදට ඔවුන් යටත් වන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

මෙවැනි නීති විරෝධී ක්‍රියාවන්හි  නිරත නොවන ලෙසත් කෝවිඩ් වයිරසය මෙරටින් තුරන් කිරීමට සියලු දෙනාම ඒකරාශි වී කටයුතු කළ යුතු බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙවැනි අවස්ථාවක රටවැසියන් වශයෙන් සියලු දෙනා ඒකරාශි වී සෞඛ්‍ය බලධාරීන්ට  ඒ සදහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිය  යුතු බව ද ඔහු පෙන්වාදුන්නේය.

Related articles

Recent articles

spot_img