-2.5 C
New York

කොරෝනා හැඳුණු ග්‍රාම නිලධාරීවරයාගේ මූලාශ්‍රය පැහැදිලි නෑ

Published:

දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගත් ග්‍රාම නිධාරීවරයාට වයිරසය ආසාදනය වූ මූලාශ්‍රය පිළිබඳ ගැටලුවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ග්‍රාම නිලධාරීවරයා පසුගිය 10 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණයකට තම කැමැත්තෙන්ම ඉදිරිපත් වූයේය. ඔහුගේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන විට ඔහු මහනුවර පිහිටි තම නිවසට ගොස් තිබිණි.

මීට පෙර කොරෝනා ආසාදිත බව හඳුනාගත් කිසිදු පුද්ගලයකුගේ ආශ්‍රිතයකු නොවූ ග්‍රාම නිලධාරීවරයා දඹුල්ල ප්‍රදේශයේ විශාල පිරිසක් ඇසුරුකර තිබීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනය කිරීම දුෂ්කර බව ද සෞඛ්‍ය අංශ පවසා ඇත.

Related articles

Recent articles

spot_img