2.3 C
New York

හෙට (14) දිනයේ ගාල්ල නගරයේ PCR කරන ස්ථාන

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානමක් ඇති බැවින් හෙට (14) දිනයේ දී ද PCR පරීක්ෂණ සිදුකිරීමට ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය තීරණය කර ඇත.

ඒ අනුව හෙට උදෑසන 9.00 සිට පහත සඳහන් ස්ථානයන්හි දි පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ගන්නා බව නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිධාරී කාර්යාලය දැනුම් දෙයි.

  • බෙලිගහ හන්දිය අසළ දෙද්දුගොඩ ග්‍රාම නිලධාරී වසමේ අරාබි විද්‍යාලය අසළ
  • කරාපිටිය බොම්බෙකාසල් වත්ත
  • දංගෙදර සමගිවත්ත සෞඛ්‍ය සායන මධ්‍යස්ථාන පරිශ්‍රය
  • ජම්බුගොඩ පල්ලිය ඉදිරිපිට පරිශ්‍රය
  • එච්.කේ.එඩ්මන්ඩ් මාවතේ මොරගොඩ බංගලාවත්ත අසළ
  • කටුගොඩ ග්‍රාම නිධාරී වසමේ කටුගොඩ සුධර්මාරාම පාර අසළ

ඉහත සඳහන් ස්ථානයන්ට අදාල ග්‍රාම නිලධාරී වසම්වල පදිංචි කරුවන්ට අදාල ස්ථානවලට පැමිණ පීසීආර් පරීක්ෂණවලට සහභාගීවන ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.

Related articles

Recent articles

spot_img