2.3 C
New York

ගුවන් තොටුපොළ විවෘත කිරීමේ ඇත්ත දැනගන්න

Published:

ස්ථිර කාල සටහනක් නොමැතිව ගමන් ගන්නා ගුවන් යානා මෙහෙයුම් දෙසැම්බර් 26 වැනි දා සිට ආරම්භකරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එහි සභාපති උපුල් ධර්මදාස පවසන්නේ ශ්‍රී ලංකවේ නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා මේ වනවිට සැළසුම් කරමින් සිටින බවයි. මේ සඳහා ගුවන් තොටුපොළ විවෘත කරන බව ද හෙතෙම කීවේය.

ඒ අනුව කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපළ වෙත වාණිජමය ගුවන් යානා මෙන්ම ස්ථිර කාලසටහනකින් තොරව ගමන් ගන්නා ගුවන් යානා සදහා ද සිය මෙහෙයුම් කටයුතු සිිදු කිරීමට අවසර හිමි වෙයි. එහිදී අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග සහ පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ද පසුව නිකුත් කිරීමට නියමිත බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පවසයි. ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ශ‍්‍රී ලංකාව යළි විවෘත කෙරෙන ස්ථිර දින වකවානු ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරනු ඇති. 

Related articles

Recent articles

spot_img