spot_img
spot_imgspot_img

ගාල්ලේ සංචරණ සීමා දැමූ ප්‍රදේශවලට මාර්ග බාධක දැමීම අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසා දැමීමක් වෙයි ද?

පුවත්

විදෙස්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට සංචරණ සීමා පනවා ඇති ග්‍රාම නිලධාරී වසම්වල ප්‍රවේශ මාර්ග සියල්ල වසා දමමින් මාර්ග බාධක දැමීමට පොලිසිය අද (13) කටයුතු කළේය.

මෙම ප්‍රදේශවල කොරෝනා පැතිරීමේ දැඩි අවධානමක් තිබූ බැවින් සීමා සහිත සංචරණ සීමා යොදන ලද්දේ පසුගිය 05 වැනි දා පස්වරුවේය. ඉන් අනතුරුව මේ සංචරණ සීමා 11 වැනි දා සවස තවත් දැඩි කරමින් දැඩි සංචරණ සීමා යොදන ලදී. එසේ වුව ද ප්‍රදේශයේ සංචරණය සීමා වූයේ නැත.

“කොවිඩ් -19 අවදානම නිසා සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශයකි. අත්‍යාවශ්‍ය කරුණකට හැර ප්‍රදේශයට ඇතුළුවීම හෝ පිටවයාම නොකරන්න යැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද නිවේදනක් ප්‍රදර්ශනය කරමින් මාර්ග බාධක යොදා තිබේ.

දැඩි සංචරණ සීමා පනවා තිබුණ ද ගාල්ලේ කොරෝනා පාලනය අහක යන නයි රෙද්ද අස්සේ දමා ගැනීමක් යැයි අප ඊයේ (12) සංචරණ සීමා ඇති ප්‍රදේශයේ කරන ලද සංචාරයකින් අනතුරුව ප්‍රකාශයට පත්කළෙමු.

එම ලිපිය මෙම සබැඳියෙන් බලන්න.

සංචාරක සීමා පනවා තිබූ ප්‍රදේශයක පැවැති අවමංගල්‍යයක් සඳහා ද මහ පිරිස් පැමිණි බව අපි ඊයේ (13) අනාවරණය කළෙමු.

එම ලිපියේ සබැඳිය

කොරෝනා අවදානම ඇතිවූ පසුගිය 05 වැනි දා සිට ඇති තරම් සංචරණයට ඉඩ දී දින 07කට පසු මෙලෙස වසා දැමීමට හෝ සෞඛ්‍ය අංශ කටයුතු කිරීම පැසසුම් කටයුතුය.

නමුත් මෙය “අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීම” වැනි වැඩක්දැයි තවත් දින කිහිපයකින් දැනගත හැකිවනු ඇත.

(ඡායාරූප – සම්පත් පණ්ඩිත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!