spot_img
spot_imgspot_img

නයිජීරියාවේ තුවක්කුකරුවන් විසින් සිසුන් 400ක් පැහැර ගෙන

පුවත්

විදෙස්

නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් නයිජීරියාවේ පාසල් ළමුන් 400ක් පමණ පැහැරගෙන ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නයිජීරියාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි පාසලකට යතුරුපැදිවලින් කඩා වැදුණු මෙම පිරිස අහසට වෙඩි තබා දරුවන් බිය ගන්වා ඔවුන් පැහැරගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

රාජ්‍ය විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපන මණ්ඩලය මගින් පාලනය කරනු ලබන මෙම පාසලේ සිසුන් 800ක් පමණ ඉගෙනුම ලබන අතර පැහැරගෙන ගොස් ඇති සංඛ්‍යාව නිශ්චිතව මෙතෙක් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබී නැත. බලධාරීන් පවසන්නේ සිසුන් 400ක් පමණ රැගෙන ගොස් ඇති බවයි.

මේ ප්‍රදේශයේ ම වනාන්තර මධ්‍යයේ පිහිටි තුවක්කුකරුවන් සැඟවී සිටින ස්ථානයක් හඳුනාගත් හමුදාව එම ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ දෙසින් ද ප්‍රති ප්‍රහාර එල්ල වී තිබේ. ආරක්ෂක අංශ පවසන්නේ එම ප්‍රහාරවලින් පැහැරගත් සිසුන්ට තුවාල සිදුව නොමැති බවයි.

මෙම පැහැරගැනීම දැඩි ලෙස හෙළා දකින බව නයිජීරියා ජනාධිපති මුහම්මදු බුහාරි පවසිය. සිසුන් බේරාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!