spot_img
spot_imgspot_img

දිස්ත්‍රික්ක තුනක ජනතාවට E.coli බැක්ටීරියාව සමඟ වතුර බෙදලා. පරීක්ෂණයකින් හෙළිවෙයි

පුවත්

විදෙස්

හම්බන්තොට, රත්නපුර හා මොණරාගල දිස්ත්‍රික්කවල පානීය ජලය ලෙස හඳුන්වමින් ලොරි රථවලින් ගෙයින් ගෙට ගොස් අළෙවි කරන ජලයේ රෝග කාරක බැක්ටීරියා අඩංගු බව සෞඛ්‍ය ආමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැමිණිලි ඒකකයට ලැබී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා ලැබී තිබූ ජල නියැදි පරීක්ෂා කිරීමේ දී මේ බව අනාවරණය වී තිබේ.

අමාත්‍යාංශය දන්වා සිටින්නේ මෙලෙස ලොරි රථවලින් අළෙවි කරන ජලය ඉතා අපිරිසිදු මට්ටමක තිබෙන බවයි. එම ජලයේ E.coli බැක්ටීරියාව ද අඩංගු බව ඔවුන් පෙන්වා දෙයි. එම ජලයේ මහජන සෞඛ්‍යයට බලපෑම් ඇතිකරන ඉතා අනතුරුදායක මට්ටමක පවතින අපද්‍රව්‍ය පවතින බව ද වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පානීය ජල ප්‍රමිතීන්ට බැහැරව බෙදාහරින මෙම ජලය කොටසක් පිරිපහදු කර ඉන් අනතුරුව එහි පරිමාව වැඩිකිරීම සඳහා ඔවුන් විසින් ම පිරිසිදු නොකළ ජලය ඊට එක්කිරීමෙන් ජල පරිමාව වැඩි කරමින් අධික ලාභයක් උපයා ගනිමින් ජනතාව අවධානමකට පත්කරන බවයි.

මෙලෙස නිවෙස්වලට ම ගෙන එන ජලය විවෘත ටැංකි තුළ ගබඩා කිරීමෙන් හා එම ටැංකි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යාමෙන් වසංගත රෝග බෝවීමේ අවධානම ඉහළ බව ද සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ‌යේ නිර්දේශ උල්ලංඝනය කරමින් පානීය ජලය ලෙස අර්ථදක්වා පාරිභෝගියන් වංචනික ලෙස රැවටීම 1980 අංක 26 දරණ ආහාර පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

පානීය ජලය බව පවසමින් නිවෙස්වලට පැමිණ හෝ මහ මඟ විවිධ ස්ථානයන්හි ප්‍රමිතියෙන් තොරව ජලය බෙදාහරින පුද්ගලයන් සිටීනම් එම වංචනික වෙළෙඳුන් පිළිබඳ පහත සඳහන් අංක ඔස්සේ පැමිණිලි කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දන්වා සිටියි.  

එමෙන්ම පානීය ජලය මිලදී ගන්නේ නම් SLS සහතිකය ඇති ජල බෝතල් හෝ පිළිගත් ආයතනයකින් නිශ්චිත අධීක්ෂණයක් යටතේ පිරිපහදු කරන ජලය පමණක් ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැමිණිලි ඒකකය. 0112 694033, 0112 675011, 0112 675449,

0112 693493, 0112 675280, 0112 669192

ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය

හදිසි ඇමතුම් අංකය 1977

011-7755481-2-3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!